මහ­ජන බැංකුව ජාත්‍ය­න්තර කාන්තා දිනය සම­රයි…

මාර්තු මස 8 වැනිදාට යෙදී තිබුණු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සංවිධාන කළ විශේෂ සැමරුම් උත්සවයක් මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී / සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන බැංකු මූලස්ථාන ශාඛාවේදී ඊයේ (08) පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයින් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක, ශ්‍රී ලංකා ආරක්ෂක විiාලයේ විදුහල්පති ධම්මිකා ජයනෙත්ති සහ ප්‍රවීණ නිවේදිකාවක හා චිත්‍රපට නිෂ්පාදිකාවක වන රේණුකා බාලසූරිය යන මහත්මීන් ද සහභාගී වූහ.

මෙහිදී කාන්තාවන් වෙනුවෙන් ම හඳුන්වා දී ඇති මහජන බැංකුවේ ‘වනිතා වාසනා මනි ප්ලෑනර්’ ආයෝජන සැලසුම් ආරම්භ කළ ගනුදෙනුකාර මහත්මීන් වෙත සැලසුම් පත් ප්‍රදානයක් ද සිදු විය.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මාර්තු මස 08 වනදා සිට මැයි 31 දක්වා වනිතා වාසනා ගිණුමේ ශුද්ධ වැඩිවීම මත තිළිණ පිරිනැමේ. ඒ අනුව සෙරමික් රයිස් ප්ලේට්, කිචන් ග්ලාස්වෙයා ස්පයිසි සෙට් කිට්, ග්ලාස් ෆෘට් බඳුන්, සෙරමික් බඳුන්, පියන සහිත නන්ස්ටික් ෆ්‍රයින් පෑන්, ස්ප්‍රේ මොප්, වන් බර්නර් ගෑස් කුකර් තිළිණ ලෙස පිරිනැමීමට ද මහජන බැංකුව කටයුතු කර තිබේ.

මේ සඳහා මහජන බැංකු ආයතනික හා විධායක කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සහභාගි වූහ.

මීට සමගාමීව, දිවයින පුරා පිහිටි සෑම මහජන බැංකු ශාඛාවකම ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සව සංවිධාන කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *