උතුරු කොරියාව නවතම අත්හදාබැලීමක

උතුරු කොරියානු හමුදාව ඉහළ තාක්ෂණයකින් යුත් නව රොකට්ටුවක් අත්හදා බැලූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වර්තාකර ඇත්තේ මෙම අත්හදාබැලීම රටේ රොකට් කර්මාන්තයේ ‘නව උපතක්’ ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

නායක කිම් ජොන්ග් අන් වැඩිදුරටත් පවසා ඇත්තේ ඉතා ඉහළ මට්ටමේ චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ ඉලක්කය ජය ගැනීමට නව රොකට් එන්ජිම උපකාරී වනු ඇති බවය.

වෙනත් කිසිදු පාර්ශවයක් විසින් අදාළ අත්හදාබැලීම තහවුරු කරනු ලැබ නොමැති අතර නව රොකට් එන්ජිම පිළිබඳව ප්‍රකාශයට පත් වූයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්, උතුරු කොරියාවේ ප්‍රධාන මිත්‍ර රට ලෙස සැලකෙන චීනයේ සංචාරයක නිරතව සිටියදී ය.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික ශක්තිය සම්බන්ධයෙන් මතුවෙමින් පවතින දැඩි අවධානය ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ නැගෙනහිර ආසියානු සංචාරයේ ප්‍රධාන මාතෘකාවක් බවට ද පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *