මහරැජිණගේ රුව සහිත යෝධ රන් කාසියක් සොරකම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ජර්මනියේ  බර්ලින් නුවර පිහිටා තිබු “බොඩි“කෞතුකාගාරයේ තැන්පත් කර තිබු බ්‍රිතාන්‍ය මහරැජිණගේ රුව සහිත යෝධ රන් කාසියක් සොරකම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

අදාළ රන් කාසිය ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුතු එකකි. එය කැරට් විසි හතරේ රත්‍රංවලින් නිමවා ඇත.

එම කාසියේ බර කිලෝග්‍රෑම් 100ක් වන අතර ඝණත්වය සෙන්ටිමීටර් තුනක් සහ විශ්කම්භය සෙන්ටිමීටර් 53ක් වන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ මෙම සොරකම සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *