සාපෙළ ප්‍රතිඵල ප්‍රථම ස්ථානය විශාකාවට

(කොළඹ, ලංකාපුවත්) – 2016 පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා මහා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාවයි.

දෙවන ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ එස්.එම් මුණසිංහ සිසුවිය දිනාගෙන හිමිකර ගෙන ඇත.

මෙවර අ.පො.ස (සා/පෙ) විභාග ප්‍රතිඵල අතර තෙවන ස්ථාන දෙකක් ලැබී ඇති අතර ඒ අනුව කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ආර්.එම් සුගත් රවිඳු සන්වර සිසුවා හා මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධී මිරිස්සගේ සිසුවා තෙවන ස්ථාන ලබාගෙන තිබේ.

ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ එච්.බී පබසරා මලිති කුමාරි හේරත් සිව් වෙනි ස්ථානයට පත්ව ඇත.

‍එසේම මෙවර සා/පෙ ප්‍රතිඵල මගින් පස්වන ස්ථාන 3ක් වාර්තා වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව  කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඩී.එම් රනුමි දිසරණි නානයක්කාර, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඒ.දම්සරා මේධාවි, යාපනය හින්දු විද්‍යාලයේ ඒ.අභිනන්දන් යන සිසු සිසුවියන් එමස්ථානය හිමිකරගෙන .

මීට අමතරව මෙවර (සා/පෙ) විභාගයේ ප්‍රතිඵල විශිෂ්ටයන් අතර හය වැනි ස්ථාන දෙකක් දැක ගත හැකිය. ඒ අනුව ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ කේ.ජී.ජී.ඊ රන්දිනිද සිල්වා, මාතර සුජාතා විද්‍යාලයේ ඊ.ඒ යසාරා උමාලි යන සිසුවියන් හය වැනි ස්ථාන දිනාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − twelve =