අද කොළඹට පැය15ක් ජලය කැපේ

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ පළාත් පාලන ආයතන බල ප්‍රදේශ  කිහිපයක අද(29) පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව උදෑසන 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.

කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ රත්මලාන ප්‍රදේශයට මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තුවක් හේතුවෙන්, අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලිබලය අත්හිටුවීම, මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතුව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − 5 =