යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජනයට සැරසේ

(කොළඹ, ලංකාපුවත්) – ලොව විශාලතම ආයෝජන බැංකුව වන යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා කැමැත්ත පළ කර ඇත.

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් තානාපති ටන් ලායි මාර්ග් මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජී.එස්.පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවට යළි ලබාදීම සඳහා අවශ්‍ය වටපිටාව මේ වන විට සැකසෙමින් පවතින බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවට තිරසර සංවර්ධන අරමුණු ඉටු කරගැනීම සඳහා පූර්ණ සහය ලබාදීමට තමන් අපේක්ෂා කරන බව ටන් ලායි මාර්ග් මහතා පවසා ඇත.

එසේම 2014 වසරේ  සිට 2020 දක්වා කාලය තුළ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝපා ආයෝජන බැංකුව මඟින් යුරෝ මිලියන 210ක මූල්‍ය හා තාක්ෂණික ආධාර ශ්‍රී  ලංකාවට ලබාදී ඇති බව පෙන්වාදුන් ටන් ලායි මාර්ග් මහතා නව ආයෝජන අවස්ථා ලබාදීමට ද අවශ්‍ය කටයුතු සුදානම් කරන බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 9 =