යොවුන් පුරය අද සිට

(කොළඹ, ලංකාපුවත්) – . දෙස් විදෙස් තරුණ තරුණියන් 6000ක‍් සහභාගීත්වයෙන් යොවුන් පුරය -2017 අද (29) පස්වරු 5.30 ට ත්‍රිකුණාමලයේ මැක්හෙයිෂර් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව මෙය සංවිධාන කරනු ලැබේ.අප්‍රේල් 02වනදා දක්වා පැවැත්වෙන මෙවර යොවුන් පුරයේ තේමාව වන්නේ ‘අනාගතය ඇරැඹුණා ’ යන්නයි.

මෙහි සමාරම්භක උළෙල ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර, සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුම මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

මෙවර යොවුන් පුරයේ දී තරුණ තරුණියන් හට රැකියා අවස්ථා, අධ්‍යාපනික ප්‍රදර්ශන, මාධ්‍ය කලාප හා මාධ්‍ය වැඩමුළු, අධ්‍යාපනික දේශන, ක්‍රීඩා හා විනෝදාත්මක වැඩසටහන්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන යොවුන් පුර ගුවන් විදුලියේ නිවේදක නිවේදිකාවන් ලෙස කටයුතු කිරීමේ අවස්ථා‍, වීදි නාට්‍ය සංදර්ශන, නවීන මොටර් රථ ප්‍රදර්ශන, ත්‍රිවිධ හමුදා හා පොලිස් සංදර්ශන ,Youth withTalent ජයග්‍රාහකයන්ගේ සංදර්ශන, ශ්‍රමදාන හා ගවේෂණ වැඩසටහන්වලට සම්බන්ධවීමේ අවස්ථාව උදාවනු ඇත.

යොවුන්පුර තරුණ කඳවුර ‘සදහා විදේශීය තරුණ තරුණියන් 100 දෙනකු සහභාගි වන අතර මෙහි දී ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට විදේශීය තරුණ තරුණියන්ට ජාත්‍යන්තර සබඳතා වර්ධනය කර ගැනීමේ අවස්ථාව උදාවන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩබ්ලිව්. ජී. එස්. එරන්දික මහතා පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × one =