’ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපතිත්ය ජාත්‍යන්තරයේ විශ්වාසයට’ – විදේශ ඇමති

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව අනුගමනය කරනු ලබන විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත් නිසා යළි වතාවක් ධවල මන්දිරයේ දොරටුව, ඩවුන්ස්ට්‍රීට්, නව දිල්ලිය, තායිලන්තය, කැන්බරාවල කාර්යාල අපේ නායකයන්ට විවෘත වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියි.

කොළඹ ඊයේ(28)පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

2015 වසරට පෙර ශ්‍රී ලංකවේ ප්‍රතිරූපය ජාත්‍යන්තරයේ තිබූ ආකරයත් වර්තමානයේ දී ශ්‍රී ලංකවේ ප්‍රතිරූපය ජාත්‍යන්තරයේ තිබෙන ස්ථානයක් අතර විශාල වෙනසක් පවතින බවත් ගල් ගසා මරාදමීමට සිටි සෞදි කත බේරා ගැනීම හා සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් ශ්‍රී ලංකා නෞකාව බේරාගැනීම යන කාරණාවලින් යහපාලන රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ මනාව අවබෝධ කර ගත හැකි බවද සමරවීර මහතා පෙන්වා දුන්නේය.

යහපාලන රජයක් ලෙස ගෙනයන විදේශ ප්‍රතිපත්තිය නිසා විදේශ ඇමැතිවරයා වශයෙන්ද තමන්ට කිසිදු බාධාවකින් තොරව රාජකාරී කටයුතු කරගෙන යාමට හැකියාව පවතින බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *