IPSC III ජාතික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා යුද හමුදාවට

(කොළඹ, ලංකාපුවත්) – පුනෑව, නාවික හමුදා වෙඩි පිටියේ දී මාර්තු මස 23 සිට 26 දක්වා පැවති ජාතික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලියේ දී (IPSC III) ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමය නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලුම රන් පදක්කම් හිමි කර ගනිමින් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකාව තුල ප්‍රථම වරට ජාතික රයිෆල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරඟාවලිය සඳහා යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් මෙන්ම සිවිල් ක්‍රීඩා සාමාජවල වෙඩික්කරුවන් ඇතුලු සැලකිය යුතු පිරිසක් සහභාගි වූහ.

යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් 10 ක් මෙහිදි තරඟ වදිමින් සමස්ත තරඟාවලියේ ශුරතාවය සහ සියලුම තරඟ ඉසව්වලදි රන් පදක්කම් දිනා ගත්තේ අනෙකුත් තරඟකරුවන් ද විශ්මයට පත්කරමිනි.

ඒ අනුව, යුද හමුදා කණ්ඩායම නියෝජනය කළ 1 වන ගජබා රෙජිමේන්තුවේ සැරයන් එම්.එම්.එන්. කොස්වත්ත Semi Auto Open Men ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත් අතර, එහි Manual Open Men ඉසව්වේ ප්‍රථම ස්ථානය 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් බි.එම්.ආර්.ආර්.බන්නෑහැක දිනාගැනිමට සමත්විය. තවද Manual Standard Men ඉසව්වේ ප්‍රථම ස්ථානය ගජබා රෙජිමේන්තුවේ ලුත්තන් වයි.ඒ. රත්නායක ද, Semi Auto Standard Ladies ඉසව්වේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ ලුතිතන් සි.එස්. වීරකොන් ද දිනා ගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *