උත්සව සමයේ වෙළදසැල් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා පිහිටි වෙළඳසැල්, හෝටල් සහ ආපන ශාලා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි ජනතාවට ගුණාත්මක හා පිරිසිදු ආහාර ලබාදීමේ අරමුණින් මෙම පරීක්ෂා කිරීම් සිදුකරනු ඇත.

මෙම වැඩපිළිවෙල යටතේ පිටකොටුව සහ වෙනත් ප්‍රදේශවල ඇති තොග ගබඩා ද පරීක්ෂා කිරීමට නියමිත අතර දුරගමන් බස් නැවතුම්පල ආපන ශාලා ද පරීක්ෂා කෙරෙණු ඇති බව අමාත්‍යාංශය පැවසීය.

මේ අතර වෙසක් හා පොසොන් උත්සව සමය වෙනුවෙන් ද මැයි මස 02 වනදා සිට ආහාර සුරක්ෂිතතා සතියක් ප්‍රකාශයට පත් කරන ලෙසට ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *