(කොළඹ, ලංකාපුවත්) – ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර මුරපලක් අසල සිදු වු බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් 60කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය දක්වා ඇත.
මුරපල අසල රථවාහන පරික්ෂා කරමින් සිටියදි ඒ අතර තිබු ට්‍රක් රථයක මෙම බෝම්බය පිපිරි ගොස් ඇත
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැත.
අයි. එස් කැරළිකරුවන් විසින් මෙම බෝම්බ ප්‍රහාරය සිදු කර ඇති බවට එරට ආරක්ෂක අංශ සැක පළ කරයි.