විමල් වීරවංශ උපවාසය අවසන් කරයි

(කොළඹ, ලංකාපුවත්) – රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පසුගිය 21 වනදා සිට ආරම්භ කර තිබූ ආහාර වර්ජනය අවසන් කර තිබේ.

ආහාර වර්ජනය නිසා  මන්ත‍්‍රීවරයා ඊයේ(29) බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට අතුලත් කරන ලදී.

මෙය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා මේ බව තහවුරු කළේය.

උපවාසය අත්හරින ලෙස මහා සංඝරත්නය විසින් කරන ලද ඉල්ලීමට ගරු කරමින් කිරි වීදුරුවක් පානය කොට විමල් වීරවංශ මහතා උපවාසය අවසන් කර ඇත.

අද (30) පෙරවරුවේ විමල් වීරවංශ මහතාගේ සැප දුක් බැලීමට කෝට්ටේ අනුනායක ගොඩපිටියේ රාහුල හිමි, උදිත හිමි, සුමනජෝති හිමි ඇතුළු හිමිවරුන් පිරිසක් වැඩම කළ අතර උන්වහන්සේලා විසින් මෙම උපවාසය අත්හරින ලෙස ඉල්ලා සිටි බව ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාවක් මත විමල් වීරවංශ මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *