ආසියානු ශූරතා මලල කී‍්‍රඩා තරගාවලිය පැවැත්වෙන දින වකවානු ප‍්‍රකාශයට පත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ආසියානු ශූරතා මලල කී‍්‍රඩා තරගාවලිය පැවැත්වෙන දින වකවානු ආසියානු මලල කී‍්‍රඩා සංගමය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ලබන ජූලි මස 06වනදා සිට 09වනදා දක්වා ඉන්දියාවේ ඔඞීසා ප‍්‍රාන්තයේ දී තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා සිය ප‍්‍රාන්තය සූදානම් බව ඔඞීසා ප‍්‍රාන්තය ආසියානු මලල කී‍්‍රඩා සංගමයට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

මීට පෙර මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව  තිබුණේ ඉන්දියාවේ රංචිහිදිය. එහෙත් ඊට අවශ්‍ය පහසුකම් සැපයීම රංචි ප‍්‍රාන්ත බලධාරීන් විසින් ප‍්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් ඔඞීසා ප‍්‍රාන්තය ඊට සිය කැමැත්ත පළ කර තිබුණි.

22 වැනි වරට පැවැත්වෙන මෙවර ආසියානු ශූරතා මලල කී‍්‍රඩා තරගාවලිය සඳහා රටවල් 45ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අටසියයකට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × three =