උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව සංවර්ධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව තවත් සංවර්ධනය කර ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

ඒ අනුව උතුරු පළාතේ සෞඛ්‍ය ගැටලු හඳුනාගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා අප්‍රේල් මස 02 සහ 03 යන දෙදින එම පළාතේ නිරික්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතය.

අප්‍රේල් 02 දින පෙ.ව 9.00 ට වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානය විවෘත කිරිම, මාමඩුව වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කිරිම,මන්නාරම රෝහලේ වෛද්‍ය නිල නිවාස සංකීර්ණය විවෘත කිරීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදූ කෙරේ.

තවද එදින වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල සෞඛ්‍ය සේවාවේ ගැටලු හඳුනාගැනීමේ සාකච්ඡාවක් ද පැවැත්වෙයි. අප්‍රේල් 03 දින යාපනය වෙලානි දිසා රෝහලේ බාහිර රෝග ප්‍රතිකාර ඒකකය ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් විවෘත කිරීමට නියමිතය.

ඉන්පසු යාපනය, කිලිනොච්චිය හා මුලතිවු දිස්ත්‍රික්කවල සෞඛ්‍ය ගැටලු හඳුනාගැනීමේ සාකච්ඡාවක් පැවැත්වේ.

මෙම නිරීක්ෂණ චාරිකාවේ දී සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ උතුරු පළාත් ශාඛාවේ නියෝජිතයින්ගේ සුහද හමුවකට ද සෞඛ්‍ය අමාත්‍යවරයා සහභාගිවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *