‘තිරසර ලංකා‘ ජාතික මංගල්‍යය අද සිට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වස විස නැති රටක් සඳහා වූ තුන් අවුරුදු සැලැස්මේ ඉලක්කවලට සමගාමීව සංවිධාන කරන ‘තිරසර ලංකා‘ ජාතික මංගල්‍යය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (31) ආරම්භ කෙරේ.

තිරසර ලංකා ජාතික ප්‍රදර්ශනය අද සිට අප්‍රේල් මස 04වනදා දක්වා පැවැත්වෙන අතර, උදෑසන 09 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.

මේ සඳහා ප්‍රදර්ශන කුටි 1000ක් ඉදිරිපත් කර ඇත. අතුළුවීම නොමිලේ සිදු කෙරේ.

මීට අමතරව පාරිසරික විනාශය හා වස විස ආහාර පිළිබඳ චිත්‍රපට ද නැරඹීමේ අවස්ථාවන්ද උදා කර ඇත. එක් දිනයකට එක් තේමාවක් යටතේ ප්‍රදර්ශනය පැවැත්වෙන අතර, සමස්ත ප්‍රදර්ශනයේ දී සම්මන්ත්‍රණ අසූවක් පැවැත්වීමට ද කටයුතු සංවිධාන කර ඇත.

ඉකුත් වසරේ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබඳ මහ සමුළුවේ දී ප්‍රකාශයට පත් කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

දුප්පත්කම, ගොවිතැන, සෞඛ්‍ය, අධ්‍යාපනය, කාන්තවාන්ට සැලකීම, ජලය, බලශක්තිය, රැකියා, කර්මාන්ත‍, ඇති නැති පරතරය, පරිභෝජනය, දේශගුණික විපර්යාස, සාගර, ජෛව විවිධත්වය, සාමය හා පොදු වැඩපිළිවෙළක් සැකසීම යන ක්ෂේත්‍රය ආවරණයන වන පරිදි තිරසර ලංකා ජාතික ප්‍රදර්ශනය පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *