අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර හිමි අපවත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමරපුර නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර නාහිමියන් අද(03) අලූයම අපවත්විය.

අපවත්වනවිට උන්වහන්සේ 102 වන වියේ පසුවිය.

උගත් වියත් තෙරනමක් ලෙස ඇටැම්පිටිය විද්‍යාඥාණ පිරිවෙන, හුණුපිටිය ගංඟාරාම පිරිවෙන සහ මාළඹේ රාහුල විද්‍යාලයේ ගිහි පැවිදි ශිෂ්‍ය පරපුරට සිප් සතරා හදාරාදුන් උන්වහන්සේ උඩරට අමරපුර සාමාග්‍රී සංඝ සභාවේ කාරක සංඝ සභික ධුරයේ කළක් කටයුතු කර ඇත.

දෙස් විදෙස් ගිහි පැවිදි පිරිසගේ ගෞරව සම්මානයට පාත්‍ර වෙමින් උන්වහන්සේ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවියට පත්වූයේ 2002 වසරේදිය.

ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + 19 =