ඉන්දියාවේ පොලිස් නිලධාරීන් 200ක් රෝහලේ

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ඉන්දියාවේ පොලිස් නිලධාරීන් 200කට අසන්න පිරිසක් අහාර විෂවීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

කේරල ප්‍රාන්තයේ පොලිස් පුහුණු කඳවුරක නිලධාරීන් පිරිසක් මෙම සිදුවීමට මුහුණ පා ඇත.

මධ්‍යම අතිරේක පොලිස් බල ඇණියට අයත් ආධුනික භටයන් සහ අශ්වාරෝහක පොලිස් නිලධාරීන් පිරිසක් මේලෙස රෝගාතුර වී ඇත්තේ පසුගියදා (01) රාත්‍රි අහාරය සඳහා කඳවුරේ දී පිළිගැන්වූ මාළු ව්‍යාංජනයක් සහ බත් ආහාරයට ගැනීමෙන් අනතුරුව බව වාර්තා වේ.

වමනය සහ පාචන තත්වයක් ඇතිවීම හේතුවෙන් පොලිස් භටයන් පසුදා උදෑසන වන විට මෙලෙස රෝහල් ගත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × three =