ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ජනපතිගෙන් උපරිම සහාය

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වත්මන් ක‍්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරින් පිරිසක් ඊයේ (02)කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූහ.

සියලුදෙනා සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිතුමා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.

පසුගිය වසර දෙකක කාලය තුළ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ලබාගෙන ඇති ජයග‍්‍රහණයන් පිළිබ`දව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා මෙහිදී අදහස් දැක්වූහ.

විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැක්වූ දායකත්වය ද මෙහිදී කෘතවේදීව සිහිපත් කෙරිණි.

පැමිණ සිටි පිරිස වෙත රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් පිරිනැමූ ජනාධිපතිතුමා 2016 සහ 2017 වසර තුළ පැවති ක‍්‍රිකට් තරඟවලදී ජයග‍්‍රහණය හිමිකරගත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

මේ අවස්ථාවට ආසියානු ක‍්‍රිකට් කවුන්සිලයේ සභාපති Shaharyar M. Khan” බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අමාත්‍ය Nazmul Hassan සහ එහි විධායක නිලධාරී  Nizam Uddin Chowdhury යන මහත්වරුන්  සහ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින් රැුසක් ද ඔවුන්ගේ  පවුල්වල සාමාජිකයින් ද සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *