දිවයිනේ ප‍්‍රධාන නගරවලට අද සිට විශේෂ ආරක්ෂාවක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ ප‍්‍රධාන නගර ආශි‍්‍රතව අද(03) සිට විෙශ්ෂ ආරක්ෂාවක් යෙදවීමට පොලීසිය තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතා පැවසීය.

එළැඹෙන අලූත් අවුරුදු සමය වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.

අවුරුදු සමයේ ජනතාව එ්කරාශීවන ස්ථානවල සිදුවන විවිධ අපරාධ මැඩලීමේ අරමුණීන් මෙම පියවර අනුගමනය කරනු ලැබේ.

අවුරුදු සමය අවසන් වන තුරු මෙම විශේෂ ආරක්ෂක විධි විධාන කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − four =