මන්ත්‍රී විමල් ලබන 07වනදා තෙක් රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ වාහන අව භාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තවදුරටත් ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය  අදාළ නියෝග ලබාදී ඇත.  විමල් වීරවංශ මන්ත්‍රීවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා පරීක්ෂණයට අදාළ නීතිමය හා සිද්ධිමය කරුණු දක්වමින් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

එම ඇප ඉල්ලීම ලබන 07 වන දින සලකා බලන  බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කර තිබේ.

එදින වන විට විමල් වීරවංශ මහතාගේ අසනීප තත්ත්වය යහපත්නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියම කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 1 =