ශ‍්‍රී ලංකා බංග්ලාදේශ පළමු විස්සයි විස්ස ක‍්‍රිකට් තරගය හෙට

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා සංචිතය නම් කර ඇත.

එහි නායකයා ලෙස නම් කර ඇත්තේ උපුල් තරංගය. ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා සහ ශෙහාන් ජයසූරිය ද විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබේ.

ආබාධ හේතුවෙන් නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ල මෙම තරගාවලියට සහභාගී නොවනු ඇත.

ශාරීරික යෝග්‍යතාව අනූව කුසල් ජනිත් පෙරේරා මෙම තරගාවලියට එක්වීම තීරණයවනු ඇති බවයි ක‍්‍රිකට් ආයතනය පැවසීය.ඔහු සහභාගි නොවන්නේ නම් ඒ වෙනුවට සඳුන් වීරක්කොඩි විස්සයි විස්ස සංචිතයට කැඳවීමට නියමිතය.

ශ‍්‍රී ලංකා බංග්ලාදේශ පළමු විස්සයි විස්ස ක‍්‍රිකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ දී හෙට(04) පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *