හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපතිවරයෙකු වන ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එකම පුත්‍රයා වන රවී ජයවර්ධන මහතා අද(03) දහවල් අභාවප්‍රාප්ත විය.

කොල්ලුපිටියේ පිහිටි සිය නිවසේ දී මිය යන විට ඔහු 80 වන වියේ පසුවිය.

බ්‍රිතාන්‍යයේ එස්‌. ඒ. එස්‌. (SAS) යුද පුහුණු ආයතනයේ හිටපු යුද විශේෂඥයන්ගෙන් සැදුම්ලත් “කීනි මීනි” ආරක්‍ෂක සේවාවේ නිලධාරීන් පිරිසක්‌ ශ්‍රී ලංකාවට ගෙන්වා ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය බළකාය ස්ථාපිත කිරීමට පුරෝගාමීව කටයුතු කරනු ලැබුවේ රවී ජයවර්ධන මහතාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *