ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලූව ගැන තවත් සාකච්ඡාවක් කොළඹදී

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දු -ශ්‍රී ලංකා ධීවර ගැටලූවට විසඳුම් සෙවීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවල තෙවන වටය ලබන 07 වනදා කොළඹ දී පැවැත්වීමට නියමිතය.

ඒ සදහා ඉන්දීය රජයේ පාර්ශවය නියෝජනය කරමින් එරට ධීවර අමාත්‍ය රාධා මොහාන් සිං ඇතුළු පිරිසක් සහභාගි වනු ඇත.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ පළාත් ධීවර අමාත්‍යවරු කිහිප දෙනෙකු ද ඊට සහභාගී වීමට නියමිතය.

මෙම සාකච්ඡාවට පෙර උතුරේ ධිවර ප‍්‍රජාව සමග අමාත්‍ය මහින්ද අමරවීර විශේෂ සාකච්ඡාවක් හෙට පවත්වනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × one =