(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර ඊයේ (03)සිදුවූ ප්‍රහාරය දකිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙලා දැක තිබේ.
ජනාධිපතිතුමා පීඩාවට පත් වූ පවුල් වෙත සිය ශෝකය පළ කළේය.
ඊයේ(3) දිනයේ පීටර්ස්බර්ග් නුවර උමං දුම්රිය මාර්ගයක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 45 දෙනෙකු තුවාල ලැබුවේය.
රුසියානු මාධ්‍යය වාර්තා කර ඇත්තේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර උමං දුම්රිය මාර්ගයකට එල්ල වු ප්‍රහාරය දියත් කළ පුද්ගලයා මධ්‍යම ආසියාතිකයෙකු බවට සැකකෙරෙන බවයි. එසේම අදාළ සැකකරු හඳුනාගෙන ඇති නමුත් ඔහු මරාගෙන මැරෙන බෝම්බකරු ද යන්න පරස්පර මත පවතින බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.
කෙසේවෙතත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් බාරගෙන නොමැත.
මෙම ප්‍රහාරයෙන් හේතුවෙන් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කිරීමට පීටර්ස්බර්ග් බලධාරීන් තීරණය කර තිබේ.