පැතිරී යන වෛරස්  රෝග තත්ත්වයට බිය නොවන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – රටේ විවිධ ප‍්‍රදේශවල පැතිරී යන වෛරස්  රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් ජනතාව කිසිදු බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙයි.

යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගෙන යාමෙන් බොහෝ වෛරස් රෝගයන්ගෙන් ආරක්ෂා විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසීය.

වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් පේරාදෙණය විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය ඊයේ (03) තීරණය කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *