(කොළඹ, ලංකාපුවත්) – සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලයේ වෙළෙඳ පොළ ගැටළු අවම කරමින් පාරිභෝගිකයා කූඨ වෙළෙඳුන්ගෙන් හා වංචනික සේවා සපයන්නන්ගෙන් ආරක්ෂා කරගැනීමට දීප ව්‍යාප්තව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයදීන් මහතා පවසයි.
මේ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සියලුම නිලධාරීන්ට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.ඒ අනුව තොග කඩයේ සිට ජංගම වෙළෙඳුන් හා සේල් ස්ථාන පවා පරීක්ෂාවට ලක්කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා ඒ පිළිබඳ මෙසේ ද කීවේය.
‘‘ මෙහිදී අපි අංශ කිිහිපයක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලාධාරීන් යොදවා මාර්තු මාසයේ අවසන් සතියේ සියලුම දිස්ත්‍රික්කවල ඇති තොග අළෙවි සැල් සහ ගබඩා පරීක්ෂා කිරීම් සහ වැටලීම් කළා. එයින් අපේ ඉලක්කය වුණේ පරිභෝජනයට නුසුදුසු නරක්වූ ආහාර ද්‍රව්‍ය හා කල් ඉකුත්වූ ආහාර ද්‍රව්‍ය සිල්ලර වෙළෙඳ සැල්වෙත යොමු වීම වළක්වා ගැනීම. ඉන් පසු අප්‍රේල් පළමුවැනි දා සිට 12 වැනි දා දක්වා විශේෂ වැටලීම් රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කරනවා. මෙහි දී අහාර ද්‍රව්‍ය විකුණන ස්ථාන පමණක් නොවෙයි පාරිභෝගිකයා උත්සව කාලයේ වැඩිපුර මිලදී ගන්නා ඇඳුම් පැළඳුම්, කල් පවත්නා භාණ්ඩ, විදුලි උපකරණ හා අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙව් කරන වෙළෙඳ සැල් පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කරනවා. අපේ අපේක්ෂාව වන්නේ මහජනතාවට ගුණාත්මක භාණ්ඩ හා සේවාවක් ලබාදීම සඳහා ව්‍යාපාරිකයන් උනන්දු කරවීම හා වංචා සහගත වෙළෙඳාද නැවැත්වීම.“
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
‘‘ අපි කිසිම කෙනෙකුගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා. කිසිම කෙනෙකුට පාරිභෝගිකයන් නොමග යවන්න බැහැ. භාණ්ඩ හා සේවා ලබාදෙන සියලු දෙනාම, සියලුම ව්‍යාපරික ස්ථාන මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතට යටත් වනවා. “