හිරු මුදුන්වීම නිසා උණූසුම වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම හේවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 30 ඉක්මවා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අනිද්දා(06) සිට ඇරඹෙන බවයි. ඒ අනිද්දා දහවල් 12.13ට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වන ඇත.

අනතුරුව එය ක්‍රම ක්‍රමයෙන් යාපනය දිස්ත්‍රික්කය දක්වා ගොස් ලබන 15 වැනිදායින් අවසන් වනු ඇත.

ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම ආසන්නවීමත් මේ දිනවල දිවයින හරහා හමන සුළං අඩුවීමත් මේ දිනවල පරිසර උෂ්ණත්වය ඉහළ යාමට හේතුව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *