ශ්‍රී ලංකාවට කඩුලු 06ක විශිෂ්ට ජයක්

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලු 06ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ(05) සමත් විය.

ප‍්‍රථමයට පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 06ක් දැවී ලකුණු 155ක් රැස් කරනුලැබීය.

මොසඩැක් හුසේන් නොදැවී ලකුණු 34 යි.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 38කට කඩුලූ 02ක් බිද හෙළීය.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 05කදී කඩුලූ 04ක් පමණක් දැවී සිය ජයග‍්‍රාහී ඉලක්කය පසුකර කිරීමට සමත් විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් කුසල් ජනිත් පෙරේරා සහ උපුල් තරංග පන්දුවාර 06 යි පන්දු 05ක් තුළ ශ‍්‍රී ලංකා ඉණිමට ලකුණු 65ක් එක් රැස්කළ අතර තරංග දැවී ගියේ ලකුණු 24ක් රැස් කරගෙන සිටියදීය.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 77යි. ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර නවයක් ඇතුළත්. පන්දු 31කදී වාර්තා වූ එය ඔහුගේ හයවන විස්සයි විස්ස අර්ධ ශතකය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 3 =