රට නව දිශානතියකට ගෙන යාමට ජනපති දරන උත්සාහයට ජර්මනියෙන් ප්‍රශංසා  

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් රට නව දිශානතියකට ගෙන යාමට ජනාධිපතිවරයා දරණ උත්සාහය ප්‍රශංසනීය බව ජර්මානු පාර්ලිමේන්තුවේ කථානායක නෝබට් ලැම්මර්ට් මහතා පවසයි.

ජර්මානු කථානායකවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ(04) පස්වරුවේ හමුවිය. එම හමුව ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියාසිටියේ තමාගේ පසුගිය ජර්මානු සංචාරයේදී දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කරගැනීමට අවශ්‍ය පසුබිම සැකසුන බවය.

මෙම අවස්ථාවට ශ්‍රී  ලංකාවේ ජර්මානු තානාපති ජෝන් රෝඩ් මහතා ද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *