අයිඑස් ප්‍රහාරයකින් ටික්රිට් නුවර 30ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අයිඑස් ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් ඉරාකයේ ටික්රිට් නගරයේ 30කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. 

ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ, පොලිස් නිල ඇඳුමෙන් සැරසුනු ත්‍රස්තවාදීන් දස දෙනෙකු පමණ ඉකුත් අඟහරුවාදා රාත්‍රී මේ ප්‍රහාරයට සම්බන්ධවී ඇති බවයි.

මධ්‍යම සුහුර් දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් ඔවුන්ගේ ඉලක්කයයි.  අනතුරුව, ඔවුන් අවට සිටි සිවිල් වැසියන්ට ද වෙඩි ප්‍රහාර ද එල්ල කළා.  මරාගෙන මැරෙන බෝම්බ දෙකක් ද පුපුරුවා හැර තිබේ.

මෝසූල් නගරය අයිඑස් ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගැනීමට ඉරාක ආරක්ෂක අංශ ක්‍රියාන්විතයක් දියත් කර ඇති අවස්ථාවකයි මේ ප්‍රහාර එල්ල කර ඇති බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × five =