අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය හා බස් සේවා

(කොළඹ, ලංකාපුවත්) – සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය නිමිත්තෙන් අද (07) සිට විශේෂ දුම්රිය සහ බස් රථ ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව අද සිට විශේෂ අතිරේක දුම්රිය කිහිපයක් කොළඹ කොටුව සහ දුර බැහැර ප්‍රදේශ අතර ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කළේය.

අද සිට අප්‍රේල් මස 09,12 සහ 16 යන දින වලදී පෙරවරු 11.30ට කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙළ දක්වා විශේෂ දුම්රියක් යොදවා තිබේ. අප්‍රේල් 08,10,13 සහ 17 යන දිනවලදී පෙරවෙරු 08.30ට බණ්ඩාරවෙල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය ධාවනය කිරිමට නියමිතය.

අප්‍රේල් මස 14 වනදා කොළඹ කොටුව සහ මරදාන සිට වේයන්ගොඩ සහ දකුණු කළුතර දක්වා දුම්රිය ගමන්වාර 08ක් ක්‍රියාත්මක කිරිමට ශ්‍රී  ලංකා දුම්රිය සේවය පියවර ගෙන ඇත.

කොළඹ කොටුව සහ යාපනය අතර අප්‍රේල් මස 12 වනදා සහ 17 වනදා දුම්රිය ධාවනයට යෙදවිමට නියමිතය.

මීට අමතරව මහව, ගාල්ල, මාතර යන ප්‍රදේශවලට ද ලබන 17 වන දින දක්වා විශේෂ දුම්රිය යොදවා ඇත

දුම්රිය තුළදී සහ දුම්රිය ස්ථානවලදී මගීන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක නිළධාරින් කණ්ඩායමක් යෙදවිමට ද පියවර ගෙන තිබේ.

මේ අතර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් විශේෂ බස් රථ 3600ක් කොළඹ සහ දුර බැහැර ප්‍රදේශවලට යොමු කිරිමට පියවර ගෙන ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *