ආහාර විෂවී තිදෙනෙකු මරුට – 500ක් රෝහලට

(කොළඹ, ලංකාපුවත්) – ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල්ගත කළ අම්පාරේ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ප්‍රදේශයේ ආගමික ස්ථානයක පැවති පූජාවක් අතරතුර ලබාදුන් ආහාර අනුභව කළ පන්සියයකට අධික පිරිසක් මෙලෙස රෝගී වී රෝහල්ගත කර තිබේ.

ඔවුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අම්පාර, එරගම හා අක්කරෙයිපත්තුව රෝහල්වලට ඇතුළත් කළ බව වාර්තා වේ.

ප්‍රතිකාර ලබන සැලකිය යුතු පිරිසකගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමට පත්වෙමින් ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මියගොස් ඇත්තේ අම්පාර, එරගම ප්‍රදේශයේ පදිංචි ඒ. එම් හලීමා (45), මොහොමඩ් කාසිම් ( 53) හා කලන්දර් මාරියන්දු (63) නමැති තිදෙනෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *