චීන ජනපති අමෙරිකා නව ජනාධිපති හමුවීමට එයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සමුළුවක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් මේ වනවිට අමෙරිකාවට පැමිණ ඇතැයි වාර්තාවේ.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාම් බීච් ප්‍රදේශයට චීන ජනාධිපතිවරයාගේ ගුවන් යානය ගොඩබැස්සවූ අතර ඔහු පිළිගනු ලැබූයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් විසිනි.

අමෙරිකා ජනාධිපතිවරයාගේ නිවාඩු නිකේතනයකදී මෙලෙස ලොව විශාලතම ආර්ථිකයන් දෙකෙහි නායකයන් සමුළු ගත වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්වේ.

එම සාකච්ඡාවලදී විශේෂයෙන් උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩපිළිවෙල පිළිබඳව අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × five =