තාක්ෂණික ගිවිසුමේ අවසන් වැඩට වෙනුවෙන් අගමැති රනිල්,ඉන්දීය අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එළැඹීමට නියමිත තාක්ෂණික ගිවිසුමේ අවසන් කටයුතු සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 25වනදා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

ඊට පෙර ජපානයේ සහ වියට්නාමයේ නිල සංචාරවලට එක්වන අගමැති වික්‍රමසිංහ මහතා ඉන්දියාව සංචාරයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු එරට මැති ඇමතිවරුන් හමුවී ගිවිසුමට අදාළ සියලු කටයුතු අවසන් කිරීමට නියමිත බව වාර්තා වේ.

අගමැති වික්‍රමසිංහ මහතා ඉන්දියානු සංචාරය නිම වී ආපසු පැමිණීමෙන් පසු ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උළෙල සඳහා මෙරටට පැමිණීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *