96 ක්‍රිකට් කිරුල- 25 සමරුවට මහල් 69 ගොඩනැඟිල්ලක්

(කොළඹ, ලංකාපුවත්) – 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සංඛේතවත් කරමින් ‘96 ලෙජන්ඞ්ස් ස්ක්වෙයාර්’ ලෙසින් සුපිරි ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමට සැළසුම්කර ඇත.

2021 වසරේදි ලෝක කුසලාන ජයග්‍රහණයට වසර 25 ක් සැපිරෙනු ඇත. ඒ වෙනුවෙන් ඉදිරි වසර හතර තුළ මෙම ගොඩනැගිල්ල ඉදිරිකර අවසන් කිරීමට අපේක්ෂිතය.

ක්‍රිකට් පිති හතරක සහ පන්දුවක හැඩයෙන් යුතුව මෙම ගොඩනැගිල්ල  ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ඉදිකිරිමට නියමිතය.
මහල් 69 කින් යුත් මෙම ගොඩනැගිල්ල සඳහා විල්ස් රියැලිටර්ස් සමාගම ඩොලර් මිලියන 150 ක දැවැන්ත මුදලක් ආයෝජනයක් කිරීමට  සුදානම් වේ.

ගොඩනැගිල්ල තුළ අති සුඛෝපබෝගි නිවාස පද්ධතියක්, ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කෞතුකාගාරයක්, ක්‍රිකට් සැමරුම් භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක්, සිනමාශාලා, ශ්‍රවණාගාර, උත්සවශාලා, ගෘහස්ථ ක්‍රීඩාංගණ, සාප්පු, ආපනශාලා සහ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථාන ඉහළ තළයේ පහසුකම් ඇතුළත් වේ.

ව්‍යාපෘතියේ සන්නාම තානාපතිවරු වන්නේ 96 ලෝක ශූර ක්‍රිකට් පිලේ නායක අර්ජුන අරණතුංග මහතා ඇතුළු ක්‍රීඩකයින්ය. මෙම ව්‍යාපෘතිය හඳුන්වා දීම වෙනුවෙන් ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ සාමාජිකයන් 11 දෙනකුගේ සහභාගිත්වයෙන් කොළඹදී  පැවැත් වුණි.

ලෝක ශූර පිලේ නායක අර්ජුන රණතුංග මහතා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් ලක්‍ෂ 500 ක මුදලක් ලැබීමට නියමිත බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *