කැලිෆෝනියාවේ ප‍්‍රාථමික විද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ප‍්‍රාථමික විද්‍යාලයක සිදු වූ වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්වේ.

මිය ගිය දරුවාගේ වයස අවුරුදු 08ක් වේ.

විද්‍යාලයේ ගුරුවරියකගේ ස්වාමි පුරුෂයෙකු විසින් ඇය රැඳී සිටි පන්ති කාමරයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි තොරතුරු වාර්තාවේ.

මෙම වෙඩි ප‍්‍රහාරයෙන් තවත් සිසුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.

වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ අදාල සිසුන් තිදෙනා ගුරුවරිය අසලම රැඳී සිටි බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *