අමෙරිකා ප්‍රහාරවලින් සිරියා ගුවන් යානා 20%ක් විනාශයි

(කොළඹ, ලංකාපුවත්) – සිරියාවේ රසායනික අවි ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස එල්ල කළ මිසයිල ප්‍රහාර වලින් සිරියානු හමුදාවට අයත් ගුවන්යානා වලින් සියයට 20ක් විනාශ කිරීමට හැකි වූ බව අමෙරිකාව සහන් කරයි.

අමෙරිකාවේ ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් පවසන්නේ සිරියාව රසායනික අවි භාවිතා කිරීමේදී යළි අපරික්ෂාකාරීව කටයුතු කළ හැකි බැවින් එලෙස ප්‍රහාර එල්ල කළ බවයි.

මේ අතර සිරියාව, පසුගියදා ඛාන් ෂෙයිකවුන් ප්‍රදේශයට එල්ල කළ රසායනික අවි ප්‍රහාරය සම්බන්ධයෙන් නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

සිරියානු හමුදා රසායනික අවි ප්‍රහාර එල්ල කිරීමෙන් දිනකට පසුව  අමෙරිකානු හමුදා විසින් සිරියාවේ ෂෙයිරාට් ගුවන් කඳවුර වෙත කෘස් මිසයිල 59ක් එල්ල කර තිබුණි. ඒ මගින් සිරියාවේ ගුවන් බලය යම් පමණකට අඩපණ කිරීමට හැකි වූ බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *