මලාලා ජගත් සංවිධානයේ සාම නියෝජිතවරියක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තාන ජාතික නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යුසෆායි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම නියෝජිතවරියක් ලෙස පත් කර ඇත.

19 හැවිරිදි මලාලා මේ වන විට එක්සත් රජධානියේ උසස් පෙළ හදාරමින් සිටියි.

විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ ඇයට ජගත් සංවිධාන නියෝජිත තනතුර පිරිනැමුණේ නිව්යෝක් නුවර ඊයේ පැවැති උත්සවයකදී බවයි.

මලාලා ට විශේෂයෙන් පැවරෙන්නේ ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමය.

පාකිස්තානයේ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් හඬ නැගීම නිසා මලාලා 2012 වසරේදී තලෙයිබාන් වෙඩි ප්‍රහාරයකට ගොදුරු වූ අතර, එයින් දිවි ගලවා ගත් ඇයට රැකවරණ ලබාදීමට බ්‍රිතාන්‍යය ඉදිරිපත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *