අවුරුද්දට මාළු දෙන්න සංස්ථාවෙන් අලෙවි සැල් 20ක්

(කොළඹ, ලංකාපුවත්) – සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් මහජනතාවට අලුත් මාළු මිල දී ගැනීම සඳහා, ලංකා ධීවර සංස්ථාව විසින් නව අලෙවි සැල් 20ක් අලුතෙන් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

ධීවර සංස්ථාවට අයත් අලෙවි සැල් ජාලය පුළුල් කිරීමට පියවර ගන්නා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමති මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත එම සංස්ථාවේ සභාපති ජගත් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ මේ අලෙවිසල් දිවයින පුරා ව්‍යාප්ත කිරීම සිදු කර ඇත.

ඒ යටතේ මත්ස්‍ය අලෙවිසැල් 10ක් මේ වනවිට විවෘත කරන ලද අතර, තවත් 10ක් මෙම සිංහල අලුත් අවුරුදු දිනය වන විට විවෘත කිරිමට කටයුතු යොදා ඇත.

අලුත් අවුරුද්දේ පාරිභෝගිකයන්ට අලුත් මාළු අවශ්‍ය තරම් තොග මෙම වෙළෙඳසල්තුළින් ලබා ගැනීමට හැකි වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + fourteen =