ජපාන පෞද්ගලික ව්‍යවසාකයකයින්ගේ වගකීමක් අගමැති පෙන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ආසියානු සහ බෙංගාලබොක්ක කලාපීය රටවල ඉහළ යන ජනගහනය ඉලක්ක කරගනිමින් සිදුකරන ආයෝජන සැළසුම් කිරීම ජපාන පෞද්ගලික ව්‍යවසාකයකයින්ගේ වගකීමක් බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියි.

අග්‍රමාත්‍යවරයා පවසන්නේ ඉදිරි වසර 20ක කාලය ඇතුළත මෙම කලාපයේ රට වල ජනගහනය මිලියන 250ක් දක්වා ඉහළ යනු ඇති බවය.

ජපාන විදේශ වෙළඳ සංවිධානයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු සමුළුවකට සහභාගීවෙමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම සමුළුවට ජපානයේ ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින් 300කට අධික පිරිසක් සහභාගී වී සිටි බව අග්‍රමාත්‍ය කාර්යාලය පැවසීය.

“ගෝලීය පරිසරය පිළිබඳ ශ්‍රී ලංකාවේ කියවීම හා ජපානයේ වැදගත්කම“ යන මැයෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වා තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කළේ කලාපීය සාමය හා ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවන බවය.

ශ්‍රී  ලංකාවේ වරායන් හි ආරක්ෂිත වගකීම් පැවරෙනුයේ ශ්‍රී  ලංකා නාවික හමුදාවට පමණක් බවද අග්‍රමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *