තුර්කි ජනපති ධූරයේ බලතල පුළුල් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –  තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් සිය ධුරයේ බලතල පුළුල් කිරිම සදහා පැවැත්වූ ජනමත විචාරණය ජයග්‍රහණය කර ඇත.

ඒ සමග ඔහුට 2029 වසර දක්වා ජනාධිපතිධුරයේ කටයුතු කිරිමට හැකි වේ.

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ජනාධිපතිවරයාගේ යෝජනාවලියට පක්ෂව ඡන්ද 51.3%ක ප්‍රතිශතයක්ද, ඊට එරෙහිව 48.6%ක ප්‍රතිශතයක්ද ලැබී තිබුණි.

මේ සමග තුර්කියේ පාර්ලිමේන්තු පාලන ක්‍රමය අහෝසි කර විධායක ජනාධිපති ක්‍රමයක් හදුන්වාදීමට නියමිතය.

ජනමත විචාරණයෙන් පසුව ගෙන එන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් කැබිනට් මණ්ඩලය පත්කිරීම, අධිකරණ විනිසුරුවරුන් පත්කිරීම, තීන්දු හා ආඥාවන් ප්‍රකාශයට පත්කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ඇතුළු බලතල රැසක් ජනාධිපතිවරයා වෙත පැවරෙන බව සඳහන් වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 5 =