ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව වයස්ගතම  පුද්ගලයාගේ වාර්තාවට හිමිකම් කී ඉතාලි ජාතික එමා මොරානෝ ජීවිතක්ෂයට පත්විය. ඇය 17 වැනි සියවසේ උපත ලබා ජීවතුන් අතර සිටි අවසාන පුරවැසියායි.

එමා මොරානෝ උපත ලබා ඇත්තේ 1899 නොවැම්බර් 29 වැනිදාය.

මිය යන විට ඇගේ වයස අවුරුදු 117කි.

ඉතාලියේ ග්‍රාමීය ප්‍රදේශයක උපත ලද එමා, ඉතාලියේ වර්බැනියා ප්‍රදේශයේ පිහිටි තම නිවසේදී අවසන් හුස්ම හෙළා තිබේ.

ලෝක සංග්‍රාම දෙකක් දුටු ඇය, ඉතාලි ආණ්ඩු අනූවකට වැඩි සංඛ්‍යාවක් යටතේ ජීවත්වූ පුරවැසියෙකි. වසර අනූවක් තිස්සේ විශේෂ ආහාර රටාවක් අනුගමනය කළ ඇය, දිනකට බිත්තර තුන බැගින් ආහාරයට ගෙන ඇතැයි වාර්තා වේ.

එමාගේ මවද වසර අනූවකට වැඩි කාලයක් ජීවත් වූ තැනැත්තියකි.

දැනට ජීවත්ව සිටින වයස්ගතම පුද්ගලයා වන්නේ 1900 වසරේ උපත ලද ජැමෙයිකානු ජාතික වයලට් බ්‍රව්න් නැමැති කාන්තාව බව අමෙරිකානු වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 10 =