මීතොටමුල්ල ඛේදවාචකය – මරණ 30 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නායයෑමේ සිද්ධියෙන් මේ වනවිට මියගිය අයගේ මළ සිරුරු 30ක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.

තවත් පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිද හමුදාව, පොලිස් නිලධාරීන් මෙන්ම කොළඹ දිසාපතිවරයා, කොළොන්නාව ප්‍රාදේශීය මහ ලේකම්වරයා, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් ද යොදවා ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

අතුරුදහන් වූ අයගේ තවත් මළ සිරුරු රැසක් වැළලී ගොස් ඇති අතර එම මළසිරුරු සෙවීමේ මෙහෙයුම් කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මෙහෙයවීමෙන් තවදුරටත් සිදුකෙරෙමින් පවතී.

සිද්ධියෙන් තුවාල ලැබූ 17 දෙනකු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර පස් යට වැළලී සිටියදී හමුදාව විසින් බේරාගන්නා ලද සිවුදෙනෙක්ද ඒ අතර සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *