මීතොටමුල්ලේ වසංගත රෝග අවදානමක් පැතිරයයි

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කුණු කන්ද නායයාමත් සමඟ ප්‍රදේශයේ දරුවන්ට මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාරපාන ලබාදීමෙන් පාචනය හා බඩේ අමාරුව වැනි රෝග ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

එය දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට ද පොදු ගැටලුවකි.

ප්‍රදේශයේ මැස්සන් බෝ වීමේ අවදානමක් පවතින බවත් ආහාරපානාදිය වසා තැබීමකින් තොරව මිනිස් පරිභෝජනයට නොගන්නා ලෙසට අවවාද කරන බවත් ඔහු පැවසීය.

ආහාරපානාදිය මැස්සන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කළ යුතු අතර, පිරිසිදු පානීය ජලය බීමට ගැනීමෙන් ඇති විය හැකි රෝග වළක්වා ගත හැකි යැයි ද වෛද්‍යවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + sixteen =