අන්තිම පුද්ගලයාත් සොයාගන්නා තුරු ත්‍රිවිධ හමුදාවෙන් මෙහෙයුම්

(කොළඹ, ලංකාපුවත්) –මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් අතුරුදන් වූ තවත් එක් පුද්ගලයෙකු පිළිබඳව පැමිණිලි ලැබි ඇති අතර එම පුද්ගලයා සොයාගන්නා තුරු ත්‍රිවිධ හමුදාව මියගිය පුද්ගලයන් සෙවීමේ ක්‍රියාන්විතයේ සිටින බව යුද හමුදා මාධ්‍ය අංශය පැවසීය.

මීතොටමුල්ල කුණු කන්දට යටවී මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් ලබාදුන් පැමිණිලි අතරින් දැනට හොයා ගැනීමට නොහැකි වූ එකම මළ සිරුරු මෙය බවත් හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම පුද්ගලයා වැල්ලම්පිටියේ පදිංචි පුද්ගලයෙක් වන අතර ඔහු සොයා දැනටත් කටයුතු කරයි.

මේ වන විට මළසිරුරු 32ක් හා එක් සිරුරක කොටස් කිහිපයක් හමුවී ඇති බවද යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *