රටේ ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට ගමන් කරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –රටේ ආර්ථිකය ශක්තිමත්ව හා ස්ථාවරව ඉදිරියට ගමන් කරන අතර විදේශ සංචිත ප්‍රමාණය බිලියන 5 ඉක්මවා ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

කොළඹ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද(20)පැවැත්වෙන හමුවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර සයිටම් ම් ආයතනය කොළඹ කොටස් වෙළඳ පොළ යටතේ ලැයිස්තුගත කරන අතරම සයිටම් පාලනයට වෙනම කොමිසමක් පත් කරන බව ද ජනපතිතුමා කියා සිටියේය.

එමෙන්ම ඉදිරි සති දෙක ඇතුළත රාජ්‍ය ආයතනවල තනතුරුවල වෙනසක් සිදු කරන බවද ජනපතිතුමා මෙහිදී පැවසීය..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 − 1 =