ඉන්දීය අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයින් 07ක් නිදහස් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් හත් දෙනෙකු නිදහස් කර ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

රාමනාදපුරම් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ(19) දිනයේ මෙම ධීවරයින් හත් දෙනාට නිදහස ලබාදී ඇති බව සදහන් වේ.

පසුගිය අප්‍රේල් මස 06 වනදා ඉන්දීය මුහුදු සීමාවේදී තූත්තුකුඩි නාවික පොලීසිය විසින් මෙම ධීවරයින් හත් දෙනා අත්අඩංගුවට ගනු ලැබීය.
ධීවරයින් සමඟ “කවීෂ පුතා 03“ නැමැති ධීවර යාත්‍රාවද නිදහස් කර ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය රජයේ උපදෙස් මත මෙම ධීවරයින් සහ යාත්‍රාව නිදහස් කර ඇති අතර ඔවුන් අද දිනයේ ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *