ජනපති උපදෙස් පරිදි අපද්‍රව්‍ය බැහැර කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) –සියලූ පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එය ඊයේ(20) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක ය.

ඒ අනුව ඕනෑම පළාත් පාලන ආයතනයක් මඟින් ක්‍රියාත්මක කරන අපද්‍රව්‍ය ඉවත් කිරීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, සකස් කිරීම, බැහැර කිරීම මෙන්ම ඊට අදාළව ගැනෙන කටයුතු මෙම සේවාවට අයත් වනු ඇත.

එම කාර්යයන්හි යෙදීම වැළැක්වීම, බලපෑම් කිරීම, ජනතාව ප්‍රකෝප කරන අන්දමින් කටයුතු කිරීම මෙන්ම අදාළ කටයුතු අවහිර කිරීමට තැත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

මෙම විධි විධාන කඩකරන පුද්ගලයන් වරෙන්තු රහිතව අත්අඩංගුවට ගත හැකි අතර, නඩු විනිශ්චයකින් පසු බරපතළ සිරදඬුවමකට ලක් කළ හැකි බවද එම ගැසට් නිවේදනයේ සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + nine =