ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි හැටන් ප්‍රදේශයේ සංචාරයකට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා , හැටන් ප්‍රදේශයේ සංචාරයකද නිරත වීමට නියමිතය.

එම කටයුතු සොයා බැලීමට ඉන්දීය දූත පිරිසක් ඊයේ වතුකරයට පැමිණ තිඛේ.

නෝවුඩ් ප්‍රදේශයේදී ඉන්දීය දූත පිරිස සමග ශ්‍රී ලංකා නියෝජිතයින් සාකච්ඡාවකද නිරත විය.

අමාත්‍ය පලනි දිගම්බරම් සහ රාජ්‍ය අමාත්‍ය වී රාධා ක්‍රිෂ්ණන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි එම සාකච්ඡා පැවැත්විණි.

ඉන්දීය ආධාර යටතේ හැටන් දික්ඔය මූලික රෝහලේ ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කිරීමට නියමිතය.

එසේම නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වයෙන් වතුකරයේ ජනහමුවක් පැවැත්වෙන බවද අමාත්‍යවරුන් දෙපළ සදහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *