කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ලබන 27වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – මෙවර කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය ලබන 27 වනදා ආරම්භවීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

ඇගයුම් මත ලකුණු ලබාදීමේ ක්‍රමවේදය යටතේ පැවැත්වෙන විභාගය පරිගණක ආශ්‍රයෙන් පමණක් පැවැත්වීමට නියමිතය. එක් එක් විභාග අපේක්ෂකයින් මත විභාගය පැවැත්වෙන දිනය, වේලාව හා විභාග මධ්‍යස්ථානය යන තොරතුරු www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය.

27 වනදා ආරම්භ වන මෙවර විභාගය එදින සිට මාස 04ක් පන්නිපිටිය දෙපානම පිහිටි කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රයේ රැකියා බලාපොරොත්තු වන තරුණ තරුණියන් සඳහා පැවැත්වෙන මෙම විභාගය සඳහා මෙවර අයදුම්කරුවන් 22,888 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසීය. ඉන් 16,431 දෙනෙකු නිෂ්පාදන අංශයේ විභාගයට පෙනී සිටීමට නියමිත අතර 6457 දෙනෙකු ධීවර අංශයේ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *